spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාංගණය අසලදී වෙඩි තැබීම සිදුවී ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහු ඕබන් පෙදෙස පදිංචිව සිටි 30 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ඔහු රැකියාවට ගොස් නැවත නිවසට පැමිණ නිවස අසල මාර්ගයේ රැඳී සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරය වෙනත් අයෙකු ඉලක්ක කර සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔවුන් සොයා දෙහිවල පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?