දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාංගණය අසලදී වෙඩි තැබීම සිදුවී ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහු ඕබන් පෙදෙස පදිංචිව සිටි 30 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ඔහු රැකියාවට ගොස් නැවත නිවසට පැමිණ නිවස අසල මාර්ගයේ රැඳී සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරය වෙනත් අයෙකු ඉලක්ක කර සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔවුන් සොයා දෙහිවල පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53