දෙහිවලදී අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙහිවල ඕර්බන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් හා හෑෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 ක් කඩුවක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් හතක් වන දෙහිවල පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න,සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන්ගේ උපදෙස් මත මොරටුව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.ඒ.මනෝහර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?