Empty Ad
AFC Banner
Empty Ad

දෙවැනි දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමෙන් ලකුණු 281ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු 03ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.

ඊයේ (27) ඩර්බන් හි දී ආරම්භ වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමු ව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 191ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණිය සිය පළමු ඉනිම වෙනුවෙන් නායකයාගේ තීරණය සාධාරණීකරණය කරන්නට කැප වූ අයුරු දකුණු අප්‍රිකානු කඩුලු බිඳ වැටීමේ දී දක්නට ලැබුණා.

ඒ අනුව අද (28) දිනයේ දී සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට අමතක නොවන පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකා වේග පන්දු බලඇණියේ මාර්කෝ ජැන්සන් ලකුණු 13කට කඩුලු 07ක් බිඳ දැමුවේ ශ්‍රී ලංකාව අන්ත අසරණ කරමින්.

මාර්කෝ ජැන්සන් අද බිඳ දැමුවේ තමන් ටෙස්ට් පිටියක යවා ඇති විශිෂ්ටතම පන්දු යැවීමේ තම වාර්තාවයි.

මීට පෙර එංගලන්තයට එරෙහිව ලකුණු 35කට කඩුලු 05ක් දවාගෙන සිටි ජැන්සන් එය වෙනස් කරගත්තේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨතම පිතිකරුවන් මංමුලා කරමින්.

ඒ අනුව දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය හමුවේ ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් ටෙස්ට් පිටියේ තමන් ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 42කට දැවී ගියා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා පළමු ඉනිමෙන් තවත් ලකුණු 149ක් පසුපසට ඇද වැටෙමින්.

ඉන් අනතුරුව යළිත් සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 03 දවාගන්නට ප්‍රභාත් ජයසූරිය (02*) සහ විශ්ව ප්‍රනාන්දු සමත් වූ අතර දිනය අවසන් කළේ සිව්වැනි කඩුල්ලට ස්ටබ්ස් සහ නායක බවුමා පිටියේ රැඳී සිටිමින්.

ඒයිඩ්න් මාක්‍රම් ලකුණු 47ක් ලබා ගත්තා.

දෙවැනි දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවෙ පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටිනවා.

හෙට (29) තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
<p>?</p>