දෙවැනි දිනයේ පළමු අර්ධයේ දී පාකිස්තානය ලකුණු 419/6 යි

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවට සමගාමීව පැවැත්වෙන පාකිස්තානයේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරයේ පළමු තරගයේ දෙවැනි දිනය අද (08) යි.

තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දරනු ලබන අතර පළමු තරගය මුල්තාන් නුවර දී පැවැත්වෙනවා.

ඊයේ (07) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට හිමි වූ අතර ඔවුන් පළමු ව ලකුණු රැස් කිරීමට තීරණය කළා.

ඒ අනුව ඊයේ දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 328ක් ලබාගෙන සිටියා.

ඊයේ දිනයේ දී මුල් පෙළ පිතිකරුවන් දෙදෙනකු ම සිය ටෙස්ට් දිවියේ 05 වැනි ශතක වාර්තා කිරීමට සමත් වූ අතර; ඒ පිළිවෙළින් අබ්දුල්ලාහ් ශාෆිකි සහ නායක ශාන් මසූඩ්.

අද දිනයේ දී දහවල් ආහාරයට තරගය නතර කිරීමට පෙර කඩුලු 02ක් පාකිස්තානයේ බිඳ වැටුණා.

එංගලන්තයේ පන්දු බලඇණියේ අද උදෑසන කඩුලු දඩයමට හසුවූයේ ලකුණු 33ක් අතැතිව සිටි නසීම් ෂා සහ කිසිදු ලකුණක් නොලබා සිටි මොහොමඩ් රිස්වානුයි.

මේ වනවිට පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 419ක් ලබා සිටිනවා.

සෞද් ශකීල් නොදැවී ලකුණු 70යි.

ශකීල් තමන් සහභාගී ටෙස්ට් තරග 13ක දී අඛණ්ඩව අර්ධ ශතක 07ක් ලබා ගැනීමට සමත් වීම ද මෙහි විශේෂත්වයක්.

සල්මන් අගා නොදැවී ලකුණු 15ක් ලබා 07 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටිනවා.

අද උදෑසන බිඳ දැමූ කඩුලු ද්විත්වය බ්‍රයිඩන් කාර්ස් හා ජැක් ලීච් හට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?