දෙවසරක සිට 12 හැවිරිදි දැරියක් කෙළසූ පාපතරයෝ

12 හැවිරිදි දැරියක් සමූහ ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර – දියගම ප්‍රදේශයේ දී වන අතර අදාළ දැරිය වසර දෙකකට වැඩි කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

වයස අවුරුදු 12ක් වන පාසල් දැරියක් සමූහ ලිංගික අපයෝජනයට ලක් කරමින්, අඩත්තේට්ටම් සිදු කිරීමේ ඛේදනීය පුවතක් කළුතරින් වාර්තා වනවා.

මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ දැරියට ලිංගික හිංසන සිදු කර ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි බස් කොන්දොස්තරවරයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු බවත් හෙළි ව තිබෙනවා.

මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයින් 05 දෙනාගෙන් දෙදෙනකු විවාහකයින් බවත්, ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්ම වූ අයෙකු බව ද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ දැරිය වසර දෙකක පමණ කාලයක සිට මෙම සිදුවීමට ලක් ව ඇති බව ද හෙළි ව තිබෙනවා.

කළුතර උතුර පොලිසිය පැවසුවේ; අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හොරණ – රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු, කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට අනුබල දුන් පුද්ගලයෙකු ද සිටින බවයි.

දැරිය සිය රෝගී දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර ,නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබා දෙමින් මෙම දැරිය දෙවසර කාලයක සිට සැකකරුවන් විසින් දැරිය රවටමින් සමූහ දූෂණයට ලක් කර ඇති බවට හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ – රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර ,මෙම දියණිය නිවසෙන් අතුරුදන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියට ලද තොරතුරක් මතයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පසුව කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්යාංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයක දී මෙම දැරියව අත් අඩංගුවට ගත් කොන්දොස්තරවරයාගේ නිවසේ සිටියදී සොයා ගැනුණා.

ඉන් පසුව දැරියගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම කොන්දොස්තරවරයා මෙම දැරිය පැහැරගෙන යාමට පෙර වසර තුනක කාලයක සිට දැරියට විවිධ පුද්ගලයින් විසින් බරපතළ ලිංගික අපයෝජන සහ දූෂණයට ලක් කර ඇති බවටයි.

එහිදී දැරිය ප්‍රදේශයේ ළැගුම්හල්වලට සහ ඇයගේ නිවසට ආසන්න ප්‍රදේශවල දී ද දූෂණයට ලක් ව ඇති බවට හෙළි ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි කළුතර උතුර පොලිසිය පැවසුවේ.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
2
+1
19
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?