දෙවසරක සිට 12 හැවිරිදි දැරියක් කෙළසූ පාපතරයෝ

12 හැවිරිදි දැරියක් සමූහ ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර – දියගම ප්‍රදේශයේ දී වන අතර අදාළ දැරිය වසර දෙකකට වැඩි කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

වයස අවුරුදු 12ක් වන පාසල් දැරියක් සමූහ ලිංගික අපයෝජනයට ලක් කරමින්, අඩත්තේට්ටම් සිදු කිරීමේ ඛේදනීය පුවතක් කළුතරින් වාර්තා වනවා.

මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ දැරියට ලිංගික හිංසන සිදු කර ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි බස් කොන්දොස්තරවරයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු බවත් හෙළි ව තිබෙනවා.

මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයින් 05 දෙනාගෙන් දෙදෙනකු විවාහකයින් බවත්, ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්ම වූ අයෙකු බව ද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ දැරිය වසර දෙකක පමණ කාලයක සිට මෙම සිදුවීමට ලක් ව ඇති බව ද හෙළි ව තිබෙනවා.

කළුතර උතුර පොලිසිය පැවසුවේ; අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හොරණ – රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු, කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට අනුබල දුන් පුද්ගලයෙකු ද සිටින බවයි.

දැරිය සිය රෝගී දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර ,නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබා දෙමින් මෙම දැරිය දෙවසර කාලයක සිට සැකකරුවන් විසින් දැරිය රවටමින් සමූහ දූෂණයට ලක් කර ඇති බවට හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ – රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර ,මෙම දියණිය නිවසෙන් අතුරුදන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියට ලද තොරතුරක් මතයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පසුව කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්යාංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයක දී මෙම දැරියව අත් අඩංගුවට ගත් කොන්දොස්තරවරයාගේ නිවසේ සිටියදී සොයා ගැනුණා.

ඉන් පසුව දැරියගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම කොන්දොස්තරවරයා මෙම දැරිය පැහැරගෙන යාමට පෙර වසර තුනක කාලයක සිට දැරියට විවිධ පුද්ගලයින් විසින් බරපතළ ලිංගික අපයෝජන සහ දූෂණයට ලක් කර ඇති බවටයි.

එහිදී දැරිය ප්‍රදේශයේ ළැගුම්හල්වලට සහ ඇයගේ නිවසට ආසන්න ප්‍රදේශවල දී ද දූෂණයට ලක් ව ඇති බවට හෙළි ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි කළුතර උතුර පොලිසිය පැවසුවේ.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
2
+1
19
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55