දෙවන ලෝක යුද්ධයේ ජය සැමරුම වෙනුවෙන් පුටින්ගෙන් තෙදිනක සටන් විරාමයක්

වර්ෂ 1939 – 1945 කාලවකවානුව තුළ යුරෝපය ප්‍රධාන කරගනිමින් ඇවිලුණු දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය, ඉතාලිය ඇතුළු අක්ෂ පක්ෂයේ නායකයින්ව පරාජයට පත් කරමින් ලැබූ යුද ජයග්‍රහණයට වසර 80ක් අද (28) දිනට සැපිරීම නිමිත්තෙන් රුසියානු ජනාධිපති ව්ලොඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට දින තුනක සටන් විරාමයක් ලබා දී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි එවකට සෝවියට් රුසියානු සමූහාණ්ඩුව මිත්‍ර පක්ෂයට (බ්‍රිතාන්‍යය, අමෙරිකාව) වැනි ප්‍රබල රාජ්‍යයන්ට දෙවැනි ලෝක යුද්ධයේ දී සිය සහාය ලබා දුන් බවත් සිය සහචරයින් සමග ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා පුටින් ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද බවයි.

නාසි ජර්මනියට එරෙහි ජයග්‍රහණය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු ජාත්‍යන්තර නායකයින්ට පුටින් විසින් අතිවිශිෂ්ට සැමරුම් සඳහා සත්කාරකත්වය සපයන මැයි 9 වන දින පැය 72ක සටන් විරාමය දෙපස දින තුනක් ක්‍රියාත්මක වන බව ක්‍රෙම්ලිනය වැඩිදුරටත් නිවේදනය කළා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ;

“මෙම කාලය සඳහා සියලුම හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවා ඇත. යුක්රේන පාර්ශ්වය මෙම ආදර්ශය අනුගමනය කළ යුතු බව රුසියාව විශ්වාස කරයි. යුක්රේන පාර්ශ්වයෙන් සටන් විරාමය උල්ලංඝනය කිරීම් සිදු වුවහොත්, රුසියාවේ සන්නද්ධ හමුදා ප්‍රමාණවත් හා ඵලදායී ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති” බවත් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?