දෙවන ලෝක යුද්ධයේ ජය සැමරුම වෙනුවෙන් පුටින්ගෙන් තෙදිනක සටන් විරාමයක්

වර්ෂ 1939 – 1945 කාලවකවානුව තුළ යුරෝපය ප්‍රධාන කරගනිමින් ඇවිලුණු දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය, ඉතාලිය ඇතුළු අක්ෂ පක්ෂයේ නායකයින්ව පරාජයට පත් කරමින් ලැබූ යුද ජයග්‍රහණයට වසර 80ක් අද (28) දිනට සැපිරීම නිමිත්තෙන් රුසියානු ජනාධිපති ව්ලොඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට දින තුනක සටන් විරාමයක් ලබා දී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි එවකට සෝවියට් රුසියානු සමූහාණ්ඩුව මිත්‍ර පක්ෂයට (බ්‍රිතාන්‍යය, අමෙරිකාව) වැනි ප්‍රබල රාජ්‍යයන්ට දෙවැනි ලෝක යුද්ධයේ දී සිය සහාය ලබා දුන් බවත් සිය සහචරයින් සමග ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා පුටින් ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද බවයි.

නාසි ජර්මනියට එරෙහි ජයග්‍රහණය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු ජාත්‍යන්තර නායකයින්ට පුටින් විසින් අතිවිශිෂ්ට සැමරුම් සඳහා සත්කාරකත්වය සපයන මැයි 9 වන දින පැය 72ක සටන් විරාමය දෙපස දින තුනක් ක්‍රියාත්මක වන බව ක්‍රෙම්ලිනය වැඩිදුරටත් නිවේදනය කළා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ;

“මෙම කාලය සඳහා සියලුම හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවා ඇත. යුක්රේන පාර්ශ්වය මෙම ආදර්ශය අනුගමනය කළ යුතු බව රුසියාව විශ්වාස කරයි. යුක්රේන පාර්ශ්වයෙන් සටන් විරාමය උල්ලංඝනය කිරීම් සිදු වුවහොත්, රුසියාවේ සන්නද්ධ හමුදා ප්‍රමාණවත් හා ඵලදායී ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති” බවත් එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32