දෙවන ටෙස්ට් තරගය ජය ගන්නට ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළට ලකුණු 29ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 169කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අද හැකියාව ලැබුණා.

එහිදී ලින්ටන් දාස් සහ ෂකීබ් අල් හසන් අර්ධ ශතක රැස්කිරීමට සමත් වූ අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමුවා.

ඩකා හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 365ක් රැස් කළා.

බංග්ලාදේශ පළමු ඉනිම සඳහා මුෂ්ෆිකර් රහීම් සහ ලින්ටන් දාස් ශතක රැස්කරමින් කඩා වැටී තිබූ ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු පිළිවෙලින් බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 05ක් සහ 04ක් බිඳ දැමීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 506ක් ලෙස සටහන් වූ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 141ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිතිකරුවන් සියල්ල ලකුණු 169කට සීමා වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණු 29ක ඉලක්කයක් හිමව තිබෙනවා.

තරගයේ අවසන් දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?