සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.
මේ අතර ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දෙවන ටෙස්ට් තරගය සඳහා සූදානම් බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ, අනුව ඔහු බොහෝ දුරට දෙවන තරගය සඳහා කණ්ඩායමට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර වොන් මුරලි කුසලානයේ දෙවන ටෙස්ට් තරගය ලබන 06 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ඊයේ සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1