සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරග අද (31) හරාරේ හිදී ආරම්භ වනවා.
තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගය ද ජයගෙන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමේ අරමුණින් අද දිනයේ තරග බිමට පිවිසීමට නියමතයි.
අද තරගය ජයගෙන තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ සිටිමින් තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය අවසන් කිරීම සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වන අතර, මෙම තරග ජාත්‍යන්තර එක්දින පිටියේ පැවැත්වේ 4,900 වැනි තරගයවීම ද විශේෂත්වයක්.
මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඒ, අනුව ශ්‍රී ලංකා පිළේ ආරම්භ පිතිකරු නිශාන් මධුෂ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක යම් ආබාධ තත්ත්වයටක ලක්ව ඇති බව හරාරේ නුවරින් වාර්තා වනවා.





