AFC Banner
AFC Banner
Empty Ad

දෙයියන්ට මුවා වී කසිප්පු පෙරූ කපුවා පොලිස් දැලේ

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන, දක්ෂිණාරාම පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් නීති විරෝධී මත්පැන් තොගයක් ද පොලිස් භාරය ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තලගල, මොරගහහේන, හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට කසිප්පු බෙදාහැර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිඇත්තේ.

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් එහි කපුවා ලෙස පෙනී සිටිමින් මොහු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, සැකකරු විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලිලීටර් 135,000ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

ඊට අමතරව සූක්ෂම ලෙස පොළොව යට වළලා තිබූ බැරල් 06ක අසුරන ලද ගෝඩා මිලිලීටර් 11,35,000ක් සහ මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගත් දෑ අතරට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?