දෙමළ සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන නළු මාධන් බොබ් ජීවිතක්ෂයට

තම ආවේණික සිනහව සහ හාස්‍යජනක ප්‍රකාශන තුළින් ප්‍රේක්ෂකයින් පිනවූ ජනප්‍රිය දෙමළ චිත්‍රපට නළු මාධන් බොබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිළිකාවක් සමඟ පොරබදමින් සිටි ඔහු ඊයේ (02) පස්වරුවේ ඔහුගේ නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජීවිතක්ෂයට පත්වන විය මාධන් බොබ් 71 වන වියේ පසුවුණා.

කමල් හසන්, රජිනිකාන්ත්, අජිත්, සූර්යා සහ විජේ වැනි ප්‍රමුඛ නළුවන් සමඟ දමිල සිනමාව වර්ණවත් කරන්නට එක් වූ මාධන් 1953 වසරේ චෙන්නායි හිදී උපත ලබා තිබෙනවා.

ඔහුගේ වෘත්තීය නාමයෙන් මධන් බොබ් ලෙස හැඳින්වෙන එස් ක්‍රිෂ්ණමූර්ති පවුලේ අටවන දරුවා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
17
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?