දෙමටගොඩ රුවන්ගෙන් සුපිරි වාහන ලැබුණු අය ගැනත් හෙළිවෙයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ට සහ ඔහුගේ සොහොයුරා වන මරණ දඩුවම නියම වූ දෙමටගොඩ චමින්දගේ බිරිඳට අයත් තවත් අධි සු‍ඛෝපභෝගී මෝටර් රථ 04ක් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.

එම මෝටර් රථවල වටිනාකම රුපියල් ලක්ෂ 700ට අධිකය.

රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්ට අයත් තවත් අධි සූඛෝපභෝගී මොටර් රථ දෙකක් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසය‍ සොයා ගත්තේය.

එලෙස සොයාගනු ලැබුවේ හොන්ඩා වෙසල් වර්ගයේ රථයක් සහා ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකි.

එම මෝටර් රථ දෙක දෙමටගොඩ රුවන්ට අයත් ගිම්හාන් රෙස්ටුන්ට් ආයතනයේ නමින් ලියාපදිංචි කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.

සොයාගත් එම හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය කලක් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩසිටි තරුණ භික්ෂූන් වහන්සේ නමක් වෙත දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා විසින් පුණ්‍ය කටයුතු සඳහා ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් අදාළ තරුණු භික්ෂුව පසුව එම විහාරස්ථානයෙන් විවිධ හේතුන් මත පිටමං කර ඇති අතර උන්වහන්සේ මේ වනවිට පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවාසය කරන බව වාර්තා වෙයි.

අනතුරුව උන්වහන්සේ එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ මෝටර් රථ ලියාපදිංචි කර ඇති ගිම්හාන් රෙස්ටුරන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස දෙමටගොඩ රුවන් සහ ඔහුගේ බිරිඳ කටයුතු කරන බවය.

දෙමටගොඩ රුවන්ගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇයට අදාළ මෝටර් රථ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබාදීමට නොහැකිවීම නිසා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබුණි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ බිරිඳ වන දිල්රුක්ෂි පෙරේරා නම් කාන්තාවගෙන් ඇයගේ දේපළ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී BMW වර්ගයේ මෝටර් රථයක් හා ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත.

ඒ බොරැල්ල කොටාපාර ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් පසුපස සඟවා තිබියදීය.

ඇයටද ඒවා මිලදී ගැනීම සඳහ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව නිසි වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවී නොමැත.

රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් පසුගිය 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. 

එහිදී ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 04ක් සහ රත්‍රං කිලෝ එකහමාරක ප්‍රමාණයක්ද එම කොට්ඨාසයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40