AFC Banner
AFC Banner
Empty Ad

දෙමටගොඩ ගුවන් පාලම යට අලුත උපන් බිළිඳියක් දමා ගිහින්

දෙමටගොඩ ගුවන් පාලම යට අලුත උපන් බිළිඳියක් දමා ගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (21) පෙරවරුවේ දෙමටගොඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම අලුත උපන් බිළිඳිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බිළිඳිය සොයාගන්නා අවස්ථාවේ දී රෙදි කැබැල්ලක ඔතා සිට ඇති අතර, බිළිඳියව වහාම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, වනවිටත් ඇය මියගොස් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බිළිඳිය සොයාගත් ස්ථානයේ කාන්තා ඇඳුම් කිහිපයක් ද තිබී හමු වූ බව දෙමටගොඩ පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?