දෙකෝටි ගණනක වැට් බදු මුදල් නොගෙවූ අධ්‍යක්ෂවරියට අවවාදාත්මක නියෝගයක්

රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදල් නොගෙවා පැහැර හැරිය බව කියන නාවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරියකගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා එම බදු මුදල් මාසයක කාලයක් ඇතුළත ගෙවා නිම කරන ලෙස එම ආයතනයේ වග උත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට නියෝග කළා.

නාවල ප්‍රදේශයේ පිහිටි සදර්න් ෆෝස් නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් වන රිසානා ගුණසේකර නැමැති කාන්තාවකට හා අයි.ඩබි ගුණසේකර නමැති අයෙකුට අධිකරණයෙන් එසේ නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වැට් බදුු පනත ප්‍රකාරව එම බදු මුදල් සමථ කිරීමට ප්‍රතිපාදන නොමැති බවත් මාර්තු මස 25 දිනට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ට මාස හයක සිර දඬුවම් ලබාදෙන ලෙසට ද නියෝග කළා.

මෙම ආයතනය 2009 හා 2010 වර්ෂ දෙක සඳහා හිග බදු මුදල් වශයෙන් රුපියල් 19,227,332 ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් එම මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන අයි.ඩබ් ගුණසේකර හා රිසානා ගුණසේකර යන වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව 2020 වසරේදී අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණා.

වගඋත්තරකරුවන් දෙදෙනා අවස්ථා කිහිපයක දී අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉහත සඳහන් වගඋත්තරකාරිය වන රිසානා ගුණසේකර නමැති කාන්තාව පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධියේ පළමු වගඋත්තරකරු වන අයි.ඩබ් ගුණසේකර නමැති අය විදෙස්ගතව සිටින බවට ද වගඋත්රකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි වගඋත්තරකාර අධ්‍යක්ෂවරිය ශරීර ඇප මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥය දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා වෙනුවෙන් ධම්මික රත්නායක හා ප්‍රියන්ත බණ්ඩාර යන නීතිඥවරු පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?