දුර්ලභ බන්දුල පෙතියා වෙනුවෙන් නම් කෙරුණු නික්කඳුපොළ අභය භූමිය ප්‍රකාශයට පත් කෙරේ

දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

මෙම සීමිත මසුන් සංඛ්‍යාව ආරක්ෂා කිරීම සඳහා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ හඳුනාගන්නා ලද කිලෝමීටර් 2.5ක පමණ ප්‍රදේශය දොළ පහරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසටම මීටර් පහළොව බැගින් වන භූමි ප්‍රමාණය ”නික්කඳුපොල අභය භූමිය ”ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ඉදිරිපත් කළ යෝජනාවටයි, මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූයේ.

1991 වර්ෂයේදී හඳුනාගනු ලැබ ඇති බන්දුල පෙතියා මෙරටට ආවේණික, දුර්ලභ හා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයක්.

දැනට සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව, මෙම මසුන් සංඛ්‍යාත්මකව 300ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකෙනවා.

රසායනික පොහොර හා කෘෂි රසායන යොදා ගන්නා කුඹුරු වගාවන් පවතින බැවින්, මානව ක්‍රියාකාරකම් බහුලව සිදු වන දොළ පහරක ජීවත් වීම, රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්මට බලවත් තර්ජනයක් බව නිරීක්ෂණය වී ඇති හෙයින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම තීරණය ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?