Empty Ad
AFC Banner
Empty Ad

දුරකථන සංවාදය ආරවුලක් වී පිහි ඇනුමකින් තරුණයෙකු මියයයි

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර වූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන් එක් පාර්ශ්වයක තරුණයකු පිහි පහරකට ලක්ව  (01) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම ,කලුවාමෝදර දේවාල පාරේ පදිංචිව සිටි ධම්මික ලක්ශාන්(24) අවිවාහක තරුණයෙකු බව කියයි .

මියගොස් සිටින තරුණයා මිතුරන් කීපදෙනෙකු සමග ඉකුත් 28 දින රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඔවුනගේ වයසැති තවත් මිතුරන් පිරිසක් වෙනත් තැනක සාදයක් පවත්වා තිබෙන බවත් දෙපාර්ශවය දෙතැනක පැවැති සාද අතරතුර මියගිය තැනැත්තා හා අනිත් පාර්ශ්වයේ තරුණයෙකු අතර ඇති වූ බව කියන දුරකථන සංවාදය ආරවුලක් දක්වා දුරදිග ගොස් පසුව එදින රාත්‍රී 11ට පමණ දෙපාර්ශවය අලුත්ගම පූර්වාරාම පාරේ දී හමුව ඇතිවූ ආරවුල පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

එහිදී පිහි පාරට ලක් වූ තරුණයා මිතුරන් සමග ගොස් ආසන්න පිහිටි රෝහලෙන් සැබෑ තත්වය වසං කර ප්‍රතිකාර ලබා පිටව ගොස් මිතුරන් සමග රැය පහන්කර ඇති බවත් පසුදින එනම් 29 දින දර්ගා නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් එම තුවාලයට බෙහෙත් දමා ගෙන සිට ඇති අතර පසුව පිහි පාරට ලක්වූ තරුණයා ගේ තත්ත්වය උත්සන්න වීමෙන් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබේන බවත් එහිදී මෙම තරුණයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පිහි ඇනුමට ලක්වූ තරුණයා ගේ සැබෑ තත්වය වසන් කිරීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වන්නට ඉඩ ඇති බවයි . සිද්ධිය වූ අවස්ථාවේ ම රජයේ රෝහලකට ඇතුළත්ව නිසි ප්‍රතිකාර ලබා ගත්තානම් මේ තරුණ ජීවිතය රටට අහිමි නොවන බවත් පැවසීය .
එම පිහි ඇනුමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගොස් සැඟව සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් මේ වන විට එම සිදුවීම සම්බන්ධ දෙපාර්ශවයෙ තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බවත් පොලිසිය කියයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද විජයරත්න ,කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී විජේසුන්දර ,යන මහත්වරුන්ගේ උපදෙස් මත අලූත්ගම පොලිසිය වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. සුදුසිංහ , අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අන්ජන සිල්වා , උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදු කරයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35

?