දුරකථන සංවාදය ආරවුලක් වී පිහි ඇනුමකින් තරුණයෙකු මියයයි

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර වූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන් එක් පාර්ශ්වයක තරුණයකු පිහි පහරකට ලක්ව  (01) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම ,කලුවාමෝදර දේවාල පාරේ පදිංචිව සිටි ධම්මික ලක්ශාන්(24) අවිවාහක තරුණයෙකු බව කියයි .

මියගොස් සිටින තරුණයා මිතුරන් කීපදෙනෙකු සමග ඉකුත් 28 දින රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඔවුනගේ වයසැති තවත් මිතුරන් පිරිසක් වෙනත් තැනක සාදයක් පවත්වා තිබෙන බවත් දෙපාර්ශවය දෙතැනක පැවැති සාද අතරතුර මියගිය තැනැත්තා හා අනිත් පාර්ශ්වයේ තරුණයෙකු අතර ඇති වූ බව කියන දුරකථන සංවාදය ආරවුලක් දක්වා දුරදිග ගොස් පසුව එදින රාත්‍රී 11ට පමණ දෙපාර්ශවය අලුත්ගම පූර්වාරාම පාරේ දී හමුව ඇතිවූ ආරවුල පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

එහිදී පිහි පාරට ලක් වූ තරුණයා මිතුරන් සමග ගොස් ආසන්න පිහිටි රෝහලෙන් සැබෑ තත්වය වසං කර ප්‍රතිකාර ලබා පිටව ගොස් මිතුරන් සමග රැය පහන්කර ඇති බවත් පසුදින එනම් 29 දින දර්ගා නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් එම තුවාලයට බෙහෙත් දමා ගෙන සිට ඇති අතර පසුව පිහි පාරට ලක්වූ තරුණයා ගේ තත්ත්වය උත්සන්න වීමෙන් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබේන බවත් එහිදී මෙම තරුණයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පිහි ඇනුමට ලක්වූ තරුණයා ගේ සැබෑ තත්වය වසන් කිරීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වන්නට ඉඩ ඇති බවයි . සිද්ධිය වූ අවස්ථාවේ ම රජයේ රෝහලකට ඇතුළත්ව නිසි ප්‍රතිකාර ලබා ගත්තානම් මේ තරුණ ජීවිතය රටට අහිමි නොවන බවත් පැවසීය .
එම පිහි ඇනුමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගොස් සැඟව සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් මේ වන විට එම සිදුවීම සම්බන්ධ දෙපාර්ශවයෙ තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බවත් පොලිසිය කියයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද විජයරත්න ,කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී විජේසුන්දර ,යන මහත්වරුන්ගේ උපදෙස් මත අලූත්ගම පොලිසිය වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. සුදුසිංහ , අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අන්ජන සිල්වා , උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදු කරයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46