දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 , ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.

අඩු ආදායම්ලාභීන්ට නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් සදහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පෞද්ගලික සමාගමකට ලබා දී තිබූ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගැනීමට එරෙහිව අදාළ පෞද්ගලික සමාගම ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් අධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කෙරිණි.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම නීත්‍යානුකූල ආකාරයට සිදුවී තිබේද යන්න පරීක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබෙන නීතිමය කාර්යය යැයි බවට ප්‍රකාශ කරමින් අධිකරණය එම මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 02 වැනිදා විභාගයට ගැනීමට ද දින නියම කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ගාමිණී අමරසේකර , ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

”ඕක් ස්ට්‍රීට් ” නැමැති පෞද්ගලික සමාගම ගොනු කරනු ලැබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , එහි සභාපති , එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මෙම ඉඩම ලබා ගනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ලබා ගත් බවය.

– lankadeepa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29