දුමින්ද බන්ධනාගාර රෝහලට – රන් ආලේපිත ගිනි අවිය රස පරීක්ෂක වෙත

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ඊයේ (23) දින අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළා.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර ලබාගත් වෛද්‍ය වාර්තා අනුව සැකකරුව රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසටයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ.

රන් ආලේපිත ටී 56 ගිනි අවිය නීතියානුකූල නොවන බලපත්‍රයක් නොමැති ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කොට තමන් දැනුම් දෙනතුරු මෙය පළමුවන සැකකාරිය සන්තකයේ තබාගන්නා ලෙසට පවසා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

තම පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ භාරයේ අදාළ ගිනි අවිය තිබූ බවට සැකකාර දුමින්ද දිසානායක ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

තම සේවාදායකයා වන දුමින්ද දිසානායක, තම පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ භාරයේ මෙම ගිනි අවිය තිබූ බවට කලායැයි පැවසෙන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, තම සේවාදායකයා වන දුමින්ද දිසානායක දුරකථනයෙන් කතාකොට පළමුවන හා දෙවන සැකකාරියන්ට මෙම නඩුවට අදාළ ගිනි අවිය සමඟ ලැබුණු පාර්සලය ළඟ තබා ගන්නා ලෙස කීවා යැයි පැවසීමත් තමන් ප්‍රතික්ෂේප කරන බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට පවසා සිටියා.

එමෙන්ම තුවක්කු ආඥා පනතේ 43 වන වගන්තිය යටතේ සැකකරු ඉදිරිපත් කළ බවට සටහන් කරන මෙන්ද නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වැල්ලවත්ත පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත්, මේ සම්බන්ධව විශ්ලේෂණ කටයුතු සිදුකරමින් විමර්ශන ක්‍රියාත්මක බවත් ගිනි අවිය ද රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගැනීමට නියමිත බවත් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණ හමුවේ පැවසුවා.

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

සැකකාර දුමින්ද දිසානායකට ඇප ලබාගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට නඩුව නැවත ලබන 29 වන දින කැඳවන ලෙසට ද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුව ලබන 29 වන දින නැවත කැඳවීමට නියමිතයි.

දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු නීතිඥ මඩුල්ල පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
14
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02