දුමින්ද බන්ධනාගාර රෝහලට – රන් ආලේපිත ගිනි අවිය රස පරීක්ෂක වෙත

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ඊයේ (23) දින අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළා.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර ලබාගත් වෛද්‍ය වාර්තා අනුව සැකකරුව රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසටයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ.

රන් ආලේපිත ටී 56 ගිනි අවිය නීතියානුකූල නොවන බලපත්‍රයක් නොමැති ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කොට තමන් දැනුම් දෙනතුරු මෙය පළමුවන සැකකාරිය සන්තකයේ තබාගන්නා ලෙසට පවසා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

තම පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ භාරයේ අදාළ ගිනි අවිය තිබූ බවට සැකකාර දුමින්ද දිසානායක ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

තම සේවාදායකයා වන දුමින්ද දිසානායක, තම පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ භාරයේ මෙම ගිනි අවිය තිබූ බවට කලායැයි පැවසෙන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, තම සේවාදායකයා වන දුමින්ද දිසානායක දුරකථනයෙන් කතාකොට පළමුවන හා දෙවන සැකකාරියන්ට මෙම නඩුවට අදාළ ගිනි අවිය සමඟ ලැබුණු පාර්සලය ළඟ තබා ගන්නා ලෙස කීවා යැයි පැවසීමත් තමන් ප්‍රතික්ෂේප කරන බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට පවසා සිටියා.

එමෙන්ම තුවක්කු ආඥා පනතේ 43 වන වගන්තිය යටතේ සැකකරු ඉදිරිපත් කළ බවට සටහන් කරන මෙන්ද නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වැල්ලවත්ත පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත්, මේ සම්බන්ධව විශ්ලේෂණ කටයුතු සිදුකරමින් විමර්ශන ක්‍රියාත්මක බවත් ගිනි අවිය ද රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගැනීමට නියමිත බවත් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණ හමුවේ පැවසුවා.

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

සැකකාර දුමින්ද දිසානායකට ඇප ලබාගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට නඩුව නැවත ලබන 29 වන දින කැඳවන ලෙසට ද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුව ලබන 29 වන දින නැවත කැඳවීමට නියමිතයි.

දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු නීතිඥ මඩුල්ල පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46