දුම්වැටි නොමැතිව පාරිභෝගිකයින් අලි අමාරුවක : දුම්වැටියක් බර ගාණකින් වැඩිවෙන බවට වාර්තා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දුම්වැටි හිඟයක් පවතින බවට වාර්තා වනවා. ඇතැම් දුම්වැටි අලෙවි නියෝජිතවරුන් විසින් දෛනිකව සිගරට් කාටුන් (බන්ඩල) බැගින් නිකුත් කරනු ලැබූ වෙළෙදසැල් සඳහා ද දුම්වැටි නිකුත් කිරීම සිමා කර ඇත.

අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ.

එහිදී පැය ගානක් පෝලිමේ සිටියත් එක් අයෙකුට ලබා දී ඇත්තේ දුම්වැටි 20ක් අඩංගු එක් පැකට්ටුවක් බවයි වාර්තා වන්නේ.

දුම්වැටි මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් අතර කාන්තාවන් ද සිටීම විශේෂත්වයක් වූ බවත් ඔවුන් පැමිණ සිටින්නේ තමන්ගෙ ජීවනෝපාය වෙනුවෙන් පවත්වාගෙන යන හෝටල්, ආපන ශාලා, සිල්ලර කඩ වැනි ව්‍යාපාර වලට පැමිණෙන පාරිභෝගිකයන් ඉල්ලන දුම්වැටි අලෙවි කිරීමට දුම්වැටි තොග ලබා ගැනීමට බවත් දුම්වැටි නොමැතිනම් වෙනත් භාණ්ඩ සහ ආහාර පාන අලෙවි කිරීමටත් ගැටළුවක් වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ.

වාර්තා වන පරිදි නොවැම්බර් 12 වෙනිදාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැයේ දී දුම්වැටියක මිල රු.10-20ත් අතර මිල ගණන් වලින් ඉහළ දැමීමට සිදුකෙරෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් දුම්වැටි ලබාදීම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40