AFC Banner
Empty Ad
Empty Ad

දුම්වැටියෙන් පැමිණි මාරයා වෙළෙඳසැල් හිමිකරුගේ ජීවිතය බිලිගනියි

දුම්වැටියක් මිලදීගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ, මුගුණුවටවන – මහගම ප්‍රදේශයේ වෙළෙඳසැලක හිමිකරුවෙක්.

පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ වෙළෙඳසැල වෙත පැමිණ දුම්වැටි ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී වෙළෙඳසැලේ හිමිකරු විසින් දුම්වැටි නොමැති බව පැවසීමත් සමඟ දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුව ඇති බව වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී බහින් බස් වීම දුර දිග යාමෙන් පසුව අදාළ පිරිස විසින් වෙළදසැලේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තිබෙන අතර පහරකෑමෙන් බරපතල තුවාල ලැබු ව්‍යාපාරිකයා හලාවත මහා රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාදම්පේ පොලිසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?