AFC Banner
AFC Banner
Empty Ad

දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරින් නාවික සෙබළා මරුදකී

රත්ගම – විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (24) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි බූස්ස, පිටිවැල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නාවික සෙබළෙක්.

කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

රාජකාරිය නිම කර නිවස බලා යමින් සිටිය දී නාවික හමුදා සෙබළා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

රත්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්න අතර, මෘත දේහය කරාපිටිය රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?