දුම්රිය ස්ථානාධිපතිවරු ක්ෂණික වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගයකට එළැඹෙති (නිවේදනය)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (28) රාත්‍රියේ සිට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ, ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවට අයත් ‘දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති’ යන තනතුරු සඳහා දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් සමත් වන නිලධාරීන් සඳහා වසර 05න් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැති හිමිව ඇති බවයි.

ඒ අනුව පැරණි විභාගයක ප්‍රතිඵල මත නියාමකවරුන් සඳහා උසස්වීම් ලබා දී වැටුප් පරිවර්තන ද සකසා ක්‍රියාත්මක කර තිබෙන බවත් එකී නිවේදනයේ සඳහන්.

නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු ඉහත උසස් කිරීමේ ක්‍රමවේදය ද ආරම්භ කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් දැනුම්දෙනු ලැබ ඇත්තේ.

නමුත් එකම කරුණකට අදාළව මෙලෙස දෙයාකාරයකට කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ චෝදනා එල්ල වී තිබෙනවා.

එබැවින් අදාළ කරුණ සාකච්ඡා වට කිහිපයක් පවත්වා දැනට සකසා ඇති ‘දුම්රිය ස්ථානාධිපති’ තනතුරට අදාළ බඳවා ගැනීම් පටිපාටිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතියට ඉදිරිපත් නොකිරීම යන හේතුවෙන් මත දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙලෙස ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Image 2024 10 28 at 20.30.22
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57