AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ස්ථානාධිපතිවරු ක්ෂණික වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගයකට එළැඹෙති (නිවේදනය)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (28) රාත්‍රියේ සිට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ, ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවට අයත් ‘දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති’ යන තනතුරු සඳහා දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් සමත් වන නිලධාරීන් සඳහා වසර 05න් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැති හිමිව ඇති බවයි.

ඒ අනුව පැරණි විභාගයක ප්‍රතිඵල මත නියාමකවරුන් සඳහා උසස්වීම් ලබා දී වැටුප් පරිවර්තන ද සකසා ක්‍රියාත්මක කර තිබෙන බවත් එකී නිවේදනයේ සඳහන්.

නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු ඉහත උසස් කිරීමේ ක්‍රමවේදය ද ආරම්භ කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් දැනුම්දෙනු ලැබ ඇත්තේ.

නමුත් එකම කරුණකට අදාළව මෙලෙස දෙයාකාරයකට කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ චෝදනා එල්ල වී තිබෙනවා.

එබැවින් අදාළ කරුණ සාකච්ඡා වට කිහිපයක් පවත්වා දැනට සකසා ඇති ‘දුම්රිය ස්ථානාධිපති’ තනතුරට අදාළ බඳවා ගැනීම් පටිපාටිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතියට ඉදිරිපත් නොකිරීම යන හේතුවෙන් මත දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙලෙස ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Image 2024 10 28 at 20.30.22
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්තටු තමන්ගේ නම් කොහෙටද පුතා පියාඹන්න බැරි???
04:41
Video thumbnail
පෙට්‍රල් නැතුව වාහනේ නතර වුණොත් දඩ - කොහොමද පොලිසියේ වැඩ
01:33
Video thumbnail
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවෙන් ගිලිහෙයි ?
07:34
Video thumbnail
ජය පරාජය විඳගන්න බැරි පාතාලය වගේ හැසිරෙන ක්‍රීඩකයෝ
02:14
Video thumbnail
මහ ඇමති පුටුවට එන තලපති විජේගේ මංගල රැළියේ ඔබ නොදත් කතාව මෙන්න
06:30
Video thumbnail
තුන් දෙනාට මේක කරගෙන යන්න අමාරුයි - මාලිමා ප්‍රබලයා විශේෂ හෙළිදරව්වක් කරයි
29:59
Video thumbnail
රංජන් රැස්වීමේ වුණු දේ හෙළි කරයි - අරක්කු ගන්න සල්ලි දුන්නා මල්ලි
02:26
Video thumbnail
අනුරගේ නිවස විකුණලා කඩපු දේවල් ටික හදන්න
03:36
Video thumbnail
JVP ඇතිකළ විකෘතියේ ප්‍රතිඵල අද විඳින්න වෙලා
08:09
Video thumbnail
කොල්ලොන්ට සල්ලි දෙන්නම් කියලා සල්ලි දුන්නේ නැති නිසා ලක් අම්මාට තදවෙයි
06:19

?