දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක එක්දින වර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ බදු ඉහළ නැංවීමට එරෙහි වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සිදු කරන බවයි.

එම වර්ජනය සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සංගම් 29ක් එක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සරසවි සිසුන්ට පහරදීම සහ පනවා ඇති බදුවලට එරෙහිව විරෝධය පළකරමින් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34