AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අඛණ්ඩව – අද උදෙත් දුම්රිය රැසක් අවලංගුයි (වීඩියෝ)

දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව්වන දිනටත් අද (10) දිනයේ ක්‍රියාත්මක වනවා.

මේ හේතුවේ අද (10) උදෑසන ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රියන්ගෙන් දුම්රිය 20ක් ධාවනය නොවන බවයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගම සඳහන් කළේ.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් සහ දුම්රිය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (10) ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවැත්වීමට නියමිත බව වාර්තා වුණා.

ඒ, අනුව මෙම විශේෂ සාකච්ඡාව අද දහවල් 12.00ට මහාමාර්ග අමාත්‍යංශයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාදවීම, බඳවා ගැනීම් ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

ඒ, හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වුණා.

මේ අතර ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් අද (10) දිනයේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඊට අමතරව කොළඹ කොටුවේ සිට මුහුදු බඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 07ක් අද (10) ධාවනය කෙරෙන අතර දුරගමන් සේවා දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

2
3
1
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?