දුම්රිය රියදුරන්ගේ වර්ජනය අඛණ්ඩව – අද උදෙත් දුම්රිය රැසක් අවලංගුයි (වීඩියෝ)

දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව්වන දිනටත් අද (10) දිනයේ ක්‍රියාත්මක වනවා.

මේ හේතුවේ අද (10) උදෑසන ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රියන්ගෙන් දුම්රිය 20ක් ධාවනය නොවන බවයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගම සඳහන් කළේ.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් සහ දුම්රිය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (10) ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවැත්වීමට නියමිත බව වාර්තා වුණා.

ඒ, අනුව මෙම විශේෂ සාකච්ඡාව අද දහවල් 12.00ට මහාමාර්ග අමාත්‍යංශයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාදවීම, බඳවා ගැනීම් ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

ඒ, හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වුණා.

මේ අතර ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් අද (10) දිනයේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඊට අමතරව කොළඹ කොටුවේ සිට මුහුදු බඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 07ක් අද (10) ධාවනය කෙරෙන අතර දුරගමන් සේවා දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

2
3
1
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51