AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් – උදෑසන ගමන් වාර 10ක් අවලංගුයි (වීඩියෝ)

උසස්වීම් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

වර්ජනය හේතුවෙන් අද (08) උදෑසනත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරුණා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් වර්ජනයක නිරතව සිටිනවා.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (07) දිනයේ දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ අතර, අද උදෑසනත් දුම්රිය 10ක් පමණ අවලංගු කිරීම‍ට සිදු වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළා.

වර්ජනයට හේතු වී ඇත්තේ රියදුරන් 84 දෛනකුගේ උසස්වීම් ගැටලුවක්.

නමුත් වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් වූයේ සිය ගමන් අවශ්‍යතා දුම්රිය මගින් සලසා ගන්නා දහස් ගණනක් මගී ජනතාවයි.

සිය ඉල්ලීම්වලට බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජිත වෘත්තීය සමිති අවධාරණය කරනවා.

වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11

?