දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්

විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග බාධක ක්‍රියාත්මක නොවීම නිසා එම කාලයේදී හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී ඉතා අවධානයෙන් ගමන් කළ යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

බොහෝමයක් දුම්රිය හරස් මාර්ග බාධක සීනු සහ විදුලි බුබුළු ලෙස සෘජු විදුලි සැපයුමෙන් ක්‍රියාත්මක වන බවත් විදුලිය නොමැති අවස්ථාවේදී ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිකුත් කළ නිවේදනය පහතින්….

WhatsApp Image 2022 04 06 at 11.04.12