දුම්රිය ගේට්ටුව අසල සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතල තුවාල

මහනුවර ගැටඹේ දුම්රිය ගේට්ටුව අසල සිදුවූ රිය අනතුරකින් මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 9.30 ට පමණ දුම්රිය ගමන් කිරීම හේතුවෙන් රේල් ගේට්ටුව වසා තිබූ අවස්ථාවේ මෙම සැරයන්වරයා තම යතුරු පැදිය නවතාගෙන සිට ඇති අතර ඔහු පසුපසින් නවතා තිබූ පෞද්ගලික බස් රථයක් දුම්රිය ගේට්ටුව නැවත හැරීමටද පෙර ක්ෂණිකව පණගන්වා ඉදිරියට ගන්නා අවස්ථාවේ සැරයන්වරයාගේ යතුරුපැදිය බස් රථයට යට වී ඔහු ටික දුරක් ඇදී ගොස් ඇති අතර ඔහුගේ පාද බස් රථයට යටවී බරපතල තුවාල ලබා තිබෙනවා.

බරපතල තුවාල ලද සැරයන්වරයා මහනුවර ජාතික රෝහලට යැවීමට එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කොට ඇති අතර මේ අවස්ථාවේ බස් රථයේ රියදුරා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාහනුවර මූළස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකෙවරයා සඳහන් කළේ සැරයන්වරයා බරපතළ තුවාල ලබා ඇති බවත් පළාගිය රියදුරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
2
+1
3
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?