දුම්රිය කාල සටහන්වල සංශෝධනයක්

දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය වේග සීමා පැනවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින්, දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවල දී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී තිබෙනවා.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙලෙස වේග සීමා පැනවීමට තීරණය කර ඇති අතර ඒ අනුව දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව ඊට අදාළ වාර්තාවක් ලබන 24 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම වාර්තාවෙන් පසු නව දුම්රිය කාල සටහන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡාවක දී එම තීරණය ගෙන තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?