AFC Banner
AFC Banner
Empty Ad

දුම්රියේ ගැටී කාන්තාවක් මිය යයි

කොටගල සහ හැටන් අතර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අද සවස බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම කාන්තාව මියගොස් ඇත්තේ කොටගල සහ හැටන් අතර අඩි 60 පාලම ආසන්නයේදීයි.

මියගිය කාන්තාවගේ සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම කාන්තාව ජංගම දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටගල පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
1
+1
9
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?