දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් සංවිධානය කරන ලද ත්‍රෛයිමාසික දුම්කොළ හා මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබද මනෝ උපදේශණ සහතිකපත්‍ර පාඨමාලාව නිමකරන ලද සහතිකපත්‍රලාභීන් පනස්දෙනෙකු සදහා සහතිකපත්‍ ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාවට අද (22) සහභාගී වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට සිදුවන මරණ විශාල සංඛ්‍යාවකට මෙන්ම, විශාල රෝග ප්‍රමාණයකට මත්පැන් හා මත්ද්‍රව්‍ය සෘජුවම බලපාන බවයි.

ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යාශයේ වැය ශීර්ෂයෙන් විශාල මුදලක් මේ සදහා වැය කිරීමට සිදුව ඇති බවත්, එමෙන්ම මෙරට සිදුවන අනතුරුවලින් විශාල ප්‍රමාණයකට ද මත්පැන් හා මත්ද්‍රව්‍ය මූලික හේතුවක් වන බව ද පැවසුවා.

මෙරට සෞඛ්‍ය ක්ෂ‍ේත්‍රයේ සෑම අංශයක්ම විශ්ලේෂණය කර බැලීමේ දී ‌රෝහල් ගතවන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් රෝහල් ගතවීමට ඍජුවම දුම්කොළ හා මත්ද්‍රව්‍ය හේතුකාරක වී ඇති අතර, ඒ හේතුවෙන් මෙරට රජයේ රොහල්වල ඇදන් ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ සදහා වැයකර තිබෙන බව ද පැවසුවා.

එමෙන්ම අපයෝජනය, මානසික සෞඛ්‍ය ගැටළුව වැනි කාරණයක දී වුව ද මත්පැන්, මත්ද්‍රව්‍යවල සෘජු හෝ වක්‍ර බලපෑම් බහුලව සිදු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම තත්වයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි අභියෝගයක් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?