දුනිත් වෙල්ලාලගේ ඩුබායි බලා පිටත්ව යයි (වීඩියෝ)

සිය පියාගේ අභාවය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය අතර මැද දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

දුනිත් අද (20) අලුයාම 03.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 649 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටත්ව ගිය බවයි දසත නිවුස් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (18) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ සිය පියාට අවසන් ගෞරව දැක්වීමට දුනිත් වෙල්ලාලගේ ඊයේ (19) උදෑසන අබුඩාබි සිට දිවයිනට පැමිණියා.

ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ද දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?