AFC Banner
Empty Ad
Empty Ad

දුන්න මළ සිරුර ආයෙත් ගෙන යාමට එරෙහිව ඥාතීන් පිරිසක් PHI ලා සමග වචන හුවමාරුවක්

කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ඥාතීන්ට භාර දුන් මිය ගිය අයෙකුගේ සිරුරක් නිවසට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානම් කර තිබියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් එම සිරුර ඔවුන්ගේ භාරයට ගෙන මැල්සිරිපුර ආදාහනාගාරයේදී ආදාහනය කළ බව ඉබ්බාගමුව සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය පවසයි.

මැල්සිරිපුර, නීරම්මුල්ල ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 20 වන දා සවස මියගොස් ඇති අතර ඔහුට කර තිබූ PCR පරීක්ෂණ වාර්ථාව ලැබීමට පෙර ඥාතීන්ට සිරුර භාර දී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

රෝහලේ ප්‍රතිකාර ලැබූ මොහුගේ PCR පරීක්ෂණ වාර්තාව 21 වන දා පෙරවරුවේ ගොකරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලැබීමත් සමග නිවසට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානම් කර තිබූ සිරුර මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හා පොලිසියේ නිලධාරින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් භාරයට ගෙන එදින ම සවස ආදාහන කටයුතු කළ බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

සිරුර භාර ගැනීමට ගිය සෞඛ්‍ය බලධාරීන් හා මිය ගිය පුද්ගලයින්ගේ ඥාතින් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතුවූ ආකාරය ද දැකගත හැකි විය. 

මිය ගිය අයට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ පාසල් දෙකක්, පෙර පාසල් දෙකක්, වෙළෙඳසල් හතක්, වසා දැමීමට කටයුතු කළ අතර අවමංගල්‍යය සඳහා සහභාගි වූ 175 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුව ඇති බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

gossip lanka
gossip lanka 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?