දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති අනුර

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවැත් වුණා.

සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේ ද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කර ගනිමින්, ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළා .

ඒ, අනුව විවිධ ආයතන මඟින් විසිරි පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිෂ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගනිමින් දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මෙහිදී ප්‍රජා සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් ව්‍යාපෘති සඳහා බෙදී ගොස් ඇති ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.

එමෙන්ම ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අපනයන විභවතාව සහිත ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා හඳුනාගත් ව්‍යාපෘති වෙනුවෙන් අමාත්‍යාංශය මඟින් යෝජිත ණය සහ ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා.

තවද මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ දෙකක් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කර ඔවුන් සහනාධාර මත යැපීමෙන් මුදවා ගැනීමට සැලසුම් කර ඇති බවත් මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරුණා.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා අඩු ආදායම්ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, අර්ධ කාලීන ශ්‍රම දායකත්වයන් සඳහා ඔවුන් යොමු කිරීම වැදගත් බවත්, ඒ වෙනුවෙන් වැවිලි ක්ෂේත්‍රය වැනි අංශයන්හි පවතින විභවතාව පිළිබඳවත් පෙන්වා දෙනු ලැබුවා.

එසේම කිසිදු ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැක බලා ගන්නා අතර, ශ්‍රම ශක්තිය සහිත ඉතිරි පිරිස සහනාධාර ලබා ගන්නා අතරතුර රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

තවද එක් එක් අමාත්‍යාංශය වෙන් වෙන්ව මුදල් වැය කරනු වෙනුවට, පවුල් ඒකකයක අවශ්‍යතා නිවැරදිව හඳුනාගත් “පවුල් සංවර්ධන සැලැස්මක්” සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එසේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි විදේශ ආධාර සහ රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සවිබල ගැන්වීමේ කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.

රැකියාවේ නියුතු මව්වරුන්ට සහනයක් ලෙස සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දැනට සැලසුම් කර ඇති දිවා සුරකුම් මධ්‍යස්ථාන 10ක මේ වසර තුළ අවසන් කිරීමටත් ඉදිරි වසර කිහිපය තුළ දිවයින පුරා මෙවැනි මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමේ ඉලක්කයක් කරා ගමන් කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එසේම ආබාධිත පුද්ගලයන් සඳහා පොලිස් ස්ථාන, රෝහල් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක බව ද ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් ආකර්ෂණීය සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40