AFC Banner
Empty Ad
Empty Ad

දීර්ඝ සතිඅන්තයේ ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා

අදින් ආරම්භවන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සඳහා ගම්බිම් වෙත යන ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන සේවාවල ලබාදීම සඳහා බලධාරීන් විශේෂ අවදානයක් යොමුව තිබෙනවා.

ඒ, අනුව වැඩිම ඉල්ලුමට සරිලන පරිදි අතිරේක බස්රථ 60ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නියමිත කාලසටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට ද සැලසුම්කර තිබෙනවා.

මේ අතර සංචාරකයින්ට තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (13) රාත්‍රියේ සහ අද (14) උදෑසන විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?