දීඝදන්තු 01 හස්තියාගේ හදිසි මරණය හේතුවෙන් වසරකට මෙරටට රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දීඝදන්තු 01 හස්තියා දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි සත්වයෙක් බවයි.
ඇතැම් විදෙස් සංචාරකයින් මෙම සත්වයා නැරඹීම සඳහා ම මෙරට සංචාරය කරන බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
ඉඟුරු වැව ප්‍රදේශයේ ඇද තිබූ අනවසර විදුලි වැටක පැටළීමෙන් මෙම හස්තියා පසුගිය දා මියගොස් තිබුණා.
මේ අතර මීට වසර 02කට පෙර දීඝදන්තු 02 නැමැති ඇතා තවත් හස්තියකුගේ ප්‍රහාරයකින් මිය ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
13
+1
2
+1





