දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද, අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම
00:53
Video thumbnail
තරුණයෙකු එළොව යැවූ යාපනයේ බිහිසුණු අනතුර
00:27
Video thumbnail
වීදී සුනඛයින්ට පොලු මුගුරුවලින් තග දැම්ම ඇන්ටිට වැඩ වැරදෙයි - "මේ ගෑණිට පුදුම කු#ප්පුවක් තියෙන්නේ"
05:37
Video thumbnail
යාපනයේ බිහිසුණු අනතුරකින් තරුණයෙකුගේ දිවි අහිමි වෙයි - තවත් දෙදෙනෙකුට බරපතළයි
00:50
Video thumbnail
ශාසනයේ ඉන්න අයට හිත පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන් - හාමුදුරුවන් රහතන් වහනසේලා නෙවෙයිනේ
06:31
Video thumbnail
"කොල්ලගේ කකුල හිරවෙලා තියෙන්නේ.."ලොරියක්, අලියෙකුගේ වැදී රිය සහායකයාට බරපතළයි
03:57