spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02ක යටතේ අවධානාත්මක නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ අවධානාත්මක නිවේදන නිකුත්කර තිබෙනවා.

මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන හෙට (21) පස්වරු 8.30 දක්වා වලංගු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?