දිස්ත්‍රික්ක ගණනාවකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (26) දින මධ්‍යාහ්න 12 සිට හෙට (27) මධ්‍යහ්න 12 තෙක් බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 02 (ඇම්බර්) යටතේ මීගහකිවුල, පස්සර, හාලි ඇල, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ යන ප්‍රදේශවලට නායයෑමේ අවදානම් සහිත පළමු මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මහනුවර සතර කබරයන් හෙවත් ගඟවට කෝරළය, උඩුදුම්බර, පාතහේවාහැට, දෙල්තොට, හාරිස්පත්තුව, තුම්පනේ, ගංගවට කෝරළය, උඩපළාත, පාතදුම්බර, යටිනුවර සහ මැදදුම්බර යන මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට මුල් අදියරේ අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

අරණායක සහ මාවනැල්ල යන කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම හා මාවතගම ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නාඋල, අඹන්ගඟ කෝරළය, විල්ගමුව සහ උකුවෙල ප්‍රදේශාශ්‍රිතවත් නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත සහ කොත්මලේ ප්‍රදේශ ත්‍රිත්ත්වයට ද අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති බැවින් සැලකිලිමත් ව සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ.

ලුණුගල, ඇල්ල, සොරණතොට, කන්දෙකැටිය, ඌව පරණගම සහ හල්දුම්මුල්ල, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය, බුලත්සිංහල, පූජාපිටිය, අකුරණ, යටියන්තොට, කෑගල්ල සහ බුලත්කොහුපිටිය, යටවත්ත, ලග්ගල පල්ලේගම, මාතලේ සහ පල්ලේපොල, පිටබැද්දර, නුවරඑළිය, අඹගමුව, රත්නපුර, ඉඹුල්පේ, පැල්මඩුල්ල, කහවත්ත, බලංගොඩ සහ විවෘතනායක යන ප්‍රදේශත් පළමු මට්ටමේ අවදානම් මට්ටමක සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අවදානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව ඉදිරි කාලගුණික තත්ත්වය ගැන අතිශය විමසිල්ලෙන් සිටින ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?