‘දිවුලපිටියේ කුඩු චානක මල්ලී’ පොලිස් දැලේ පැටලෙයි

දිවුලපිටිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි චානක නුවන් සංජීව නොහොත් “දිවුලපිටියේ කුඩු චානක මල්ලී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි මෙම මත් ජාවාරම්කරු දිවුලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොහු දිවුලපිටිය, මිනුවන්ගොඩ, අලුතපොළ, කටුවැල්ලේගම, දූනගහ, මරදගහමුල, උල්වලපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 400ක් සොයාගැනීමට ද හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා ඩුබායි හි රැඳී සිටින පුස්ගලයෙකු සමඟ සමීප සබඳතා පවත්වමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවත් පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
11
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !