AFC Banner
AFC Banner
Empty Ad

දිවුරුම් දුන් ගමන් මෝදි ඉතාලියට

දින කිහිපයකට පෙර සිය තෙවැනි ධුර කාලයේ දිවුරුම් දුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉතාලියට පැමිණියා.

ඉතාලි අගමැති ජෝර්ජියා මලෝනිගේ ආරාධනයක් මත G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වනවා.

ඉතාලියේ පූලියා හි දී 50 වැනි G7 රාජ්‍ය නායක සමුළුව අද (14) පැවැත්වෙනවා.

සමුළුව අතරතුර අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලි අග්‍රාමාත්‍යවරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් විනේ ක්වත්‍රා පැවසුවා.

ඉතාලිය මෙම වසරේ G7 හි මුලසුන දරන අතර කැනඩාව, ප්‍රංශය, ජර්මනිය ජපානය එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන් ම යුරෝපා සංගමය ද ඇතුළත් වන ලෝකයේ දියුණු ආර්ථිකයන් හතක නායකයන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය දරනවා.

මෙය G7 සමුළුවට ඉන්දියාව සහභාගී වන එකොළොස් වැනි අවස්ථාව වන අතර අගමැති මෝදි සමුළුවට පිට පිටම සහභාගි වන පස්වැනි අවස්ථාව වනවා.

ඉතාලි සභාපතීත්වය යටතේ G7 සමුළුව, වත්මන් වසර සඳහා ප්‍රමුඛතා කිහිපයක් ප්‍රධාන වශයෙන් තෝරාගෙන තිබෙනවා.

ගෝලීය න්‍යාය පත්‍රය සඳහා එහි ප්‍රතිවිපාක සමග රුසියාව – යුක්රේනය සහ මැදපෙරදිග ගැටුම් ඊට ඇතුළත්.

දෙවනුව, අප්‍රිකාව සහ ඉන්දු – පැසිෆික් කලාපය කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධනය වෙමින් පවතින ජාතීන් සහ නැගී එන ආර්ථිකයන් සමග සබඳතා මෙන් ම තෙවනුව, සංක්‍රමණය, දේශගුණික බලශක්ති සම්බන්ධතා සහ ආහාර සුරක්ෂිතතාව සහ; අවසාන වශයෙන්, කෘත්‍රීම බුද්ධියයි.(AI)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?