දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලටමිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



