දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවය.
එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ අතර අප්‍රේල් මස 05 වනදා සිට 15 වනදා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම සූර්යයා ඉහළින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව අද දහවල් 12.12ට කිඹුලාපිටිය, දංඕවිට, ගලහ, මාරස්සන කන්ද, දමන සහ සින්නමුහත්තුවරම් ප්‍රදේශවලට සූර්යයා මුදුන්ව පවතිනු ඇති.




