දිය නාමින් සිටි දරුවෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

ගල්කිරියාගම, මානේරුව රඹවැවේ දිය නාමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් දරුවෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

ඊයේ දහවල් මෙම ළමුන් තිදෙනා දිය නාමින් සිටි අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ මානේරුව, නෑගම්පාන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දරුවෙක්.

කිඹුලා ඩැහැගෙන ගිය දරුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්