ආයිත්තමලය පොලිස් වසෙමේ උන්නතච්චිය වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දියේ ගිලුණු පුද්ගලයෙකුගේ දිවි බේරාගැනීමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ වව්නතිවු ප්‍රදේශයේදී පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි වාර්තා වුණේ.
ඊයේ (02) පස්වරුවේ පිරිසක් උන්නතච්චිය වැවේ දිය නෑම සඳහා ගොස් ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලෙමින්
සිටියදී ඒ අතර සිටි පාසල් සිසුවෙක් එම පුද්ගලයා බේරාගැනීමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ දී බේරාගැනීමට ගිය සිසුවා ද දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.
දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම සිසුවා කරදියනාරු රෝහලට ඇතුළත් කිරීමේ දී අවාසනාවන්ත ලෙඩ මියගොස් තිබෙනවා.
දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා කන්නම්කුඩා,වව්නතිවු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.





