දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

මාතර පොලිස් වසමේ හුන්ගන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජලය පිරී තිබූ ගල්වළකට වැටුණු සරුංගලයක් ගැනීමට යාමේ දී දියේ ගිලී අතුරුදන් වී ඇති බවට මාතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, මෙලෙස අතුරුදන් ව ඇත්තේ 25 හැවිරිදි හුන්ගන්ගොඩ – අම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා සෙවිමේ මෙහෙයුම් දියත් කර ඇති අතර නාවික හමුදා කිමිඳුම්කරුවන් ගෙන්වා අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?